කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය හමුවේ ආසියාවේ පැරණිතම දුම්රිය ජාලය වන ඉන්දීය දුම්රිය සේවය වසර 167කට පසුව ප්‍රථම වරට අත්හිටුවා තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය මාර්තු 25 වැනි දින ඉන්දියාව වසා දැමීමට පියවර ගැනීමත් සමග, ඉන්දීය දුම්රිය ජාලය අප්‍රේල් 14දා දක්වා රට පුරා මගී දුම්රිය අත්හිටුවීමේ පෙර නොවූ විරූ පියවරක් ගෙන ඇත.
ඒ වෙනුවට වෛරසය පැතිර යමින් පවතින අවස්ථාවේදී එහි පැරණි දුම්රිය මැදිරි 20,000ක් පමණ රෝගීන් සඳහා හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.
ලොව සිව්වැනි විශාලතම දුම්රිය සේවා සැපයුම්කරුවා සහ ඉන්දියාවේ විශාලතම සේවායෝජකයා වන මෙම ජාලය දැනටමත් රට පුරා රෝහල් 125ක් පවත්වාගෙන යන අතර, ඉදිරියේදී ජංගම රෝහල් ලෙස තවදුරටත් එය ව්‍යාප්ත කිරීමේ සූදානමින්ද සිටියි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත අනුව මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිතයන් 4,288ක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 මරණ 117 කි. බිලියන 1.3ක ජනතාවක් ජීවත් වනරටකට සාපේක්ෂව මෙය කුඩා සංඛ්‍යාවක් වන අතර, ඉන්දියාවේ රෝහල් පද්ධතියට තවමත් මේ තත්ත්වය දරාගත හැකි මට්ටමකි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගන්නේ නම් නැවත සකස් කරන ලද දුම්රිය මගින් රෝහල් පද්ධතියට ඇතිවිය හැකි පීඩනයක් ලිහිල් කළ හැකි බව ඔවුන් විශ්වාස කරයි.
"මේ ජංගම දුම්රිය මගින් රෝගීන්ට සුවපහසු සුවයක් ලබා ගැනීම සඳහා පිරිසිදු හා සනීපාරක්ෂක වටපිටාවක් ලබා දෙනු ඇති" යැයි දුම්රිය අමාත්‍ය පියුෂ් ගෝයාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඉන්දියාවේ දුම්රිය ජාලය
සාමාන්‍යයෙන් ඉන්දියානු දුම්රිය සේවය ඉන්දියාව පුරා දුම්රිය ස්ථාන 7,349ක දුර ගමන් හා තදාසන්න දුම්රිය මාර්ගවල දිනකට මගී දුම්රිය 20,000කට වඩා ධාවනය කරයි.
ඉන්දියාව වසා දැමීමත් සමග කිලෝමීටර් 67,368කට ආසන්න ධාවන පථයක් භාවිතයට ගෙන නොමැති අතර, මගී දුම්රිය දහස් ගණනක් අක්‍රියව පවතී. ඉන්දියාවේ කැඳවනු ලබන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හෝ භාණ්ඩ දුම්රිය පමණක් මේ වනවිට ක්‍රියාත්මක වේ.