වසංගතයෙන් මිදීමේ එකම මග ගැන UN ප්‍රධානී කියයි


G77 සාමාජික රටවල් සහ චීනයේ, විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති රැස්වීමකදී මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ කොවිඩ්-19 වසංගතය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවලටද සමානව අඛණ්ඩ විනාශයක් ඇති කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කර ඇති එන්නත් ක්‍රමෝපාය පිටුපස එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්, මේ වසර අවසන් වනවිට සෑම රටකම 40%ක ජනතාවකට එන්නත් ලබාදීමේ අරමුණින් සහ 2022 මැද භාගය වනවිට සියයට 70 ක් ලබාදීමේ අරමුණින් සිටින බවත් ඔහු පැවසීය. .

"සෑම කෙනෙකුටම, සෑම තැනකම, කොවිඩ්-19 එන්නත්, පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තිබිය යුතුයි" එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ACT-accelerator සහ COVAX යන පහසුකම් සඳහා සංවර්ධිත රටවලින් සහාය ඉල්ලමින් කියා සිටියේය.



Recommended Articles