වසංගත තත්ත්වය හේතුවෙන් තම ගනුදෙනුකරුවන් යළිත් නිවෙස්වලට කොටුවී ඇති බැවින්, බ්‍රිතාන්‍යයේ දුර්වල ව්‍යාපාරික පරිසරයක් උද්ගතව ඇති අවන්හල් සහ බාර් සඳහා උපකාර කිරීමට ඩො.බිලියන 1.3ක අරමුදලක් එක්සත් රාජධානියට විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
නත්තල් සමයේදී සාම්ප්‍රදායික වයින් පානයන් සහ නත්තල් කෑම මෙස වෙනුවෙන් ගනුදෙනුකරුවන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, මෙම ස්ථාන එම කාලය තුළ අතිශය කාර්යබහුල වෙයි.
කෙසේ වෙතත් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයේ නවතම ප්‍රභේද යළිත් බ්‍රිතාන්‍ය තුළ ඉස්මතු වීම තුළ රජය සැබවින්ම දැඩි සීමා පනවමින් මිතුරන් සමග පිටතට නොයන ලෙසට පාරිභෝගිකයන්ට නිර්දේශ කර නැතත්, ජනතාව විසින්ම ස්වයං විනයකින් බහුලව ඒකරාශී වීම අඩු නිසා ව්‍යාපාරිකයන්ට සහාය දැක්වීම වෙනුවෙන් එක්සත් රාජධානියේ මහා භාණ්ඩාගාරයේ චාන්සලර් රිෂි සුනක් මෙම අරමුදල ප්‍රකාශයට පත්කර තිබේ.