නව කොරෝනා වෛරස අර්බුදය සඳහා කඩිනම් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ගයක් නොගතහොත්, ලොව පුරා තරුණ වැඩිහිටියන්ගේ ජීවන අපේක්ෂාවන්ට දැඩි හා කල්පවත්නා බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැවසුවේ වයස අවුරුදු 18ත් 29ත් අතර පුද්ගලයන්ගේ වෘත්තීය අපේක්ෂාවන් කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩා විඳින අතරම, වසංගතයේ අඳුරු මුහුණුවර ලොව පුරා ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනය කෙරෙහිද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය.