ලතින් ඇමෙරිකාව පුරා නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් තිබියදීත්, නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටෙගා මාසයකට වැඩි කාලයක් පුරා ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඔර්ටෙගාගේ අවසන් වරට පෙනී සිටියේ ජුනි 10 වැනි දින 'ඇමෙරිකානු ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානයේ' (ඇල්බා) සාමාජික රටවල් සමඟ පශ්චාත් වසංගත ආර්ථිකය පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණයක දීය.
වසංගතය ආරම්භයේදීද ඔර්ටෙගා දින 40කට වඩා වැඩි කාලයක් මහජනතාවගේ අවධානයට ලක්නොවූ අතර, එසේ ඔහුගේ අතුරුදන්වීම ගැනද රජය කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකළේය.
නව කොරෝනා වයිරසයට සම්බන්ධ මරණ 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට නිකරගුවාවෙන් වාර්තා වන අතර, සමස්ත ආසාදිත අගය 3,147ක් බව රජය වාර්තා කර තිබේ. නමුත් එරට සමස්ත ආසාදිත අගය හා මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් වූ දත්තවල විනිවිදභාවය ගැන, ජනාධිපතිවරයාගේද අතුරුදන්වීම තුළ සැකයට බඳුන්වන බව එරට වාර්තා පෙන්වා දෙයි.
එහිදී නිකරගුවාවේ කොවිඩ්-19 පිළිබඳ තොරතුරු වලංගුභාවය පිරවීම සඳහා කටයුතු කරන අන්තර් විනය අධීක්ෂණ කණ්ඩායමක් වන නිකරගුවාවේ කෝවිඩ්-19 පුරවැසි නිරීක්ෂණාගාරයේ පර්යේෂණයන්ට අනුව අවම වශයෙන් පුද්ගලයින් 2,225ක් එරට වෛරසයෙන් මිය ගොස් ඇත. රට තුළ තහවුරු කරනලද ආසාදිතයන් අවම වශයෙන් 7,893ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම කණ්ඩායම පවසයි.