වසංගතයට පෙර සිටම ඉතාලි රෝගීන් තුළ කොවිඩ් තිබිලා


ඉතාලියේ සිදු වූ සුවිශේෂී අධ්‍යයනයකින් හෙළි වූයේ, රටේ පළමු නිල සායනික රෝග නිර්ණයට මාස පහකට පෙර, 2019 සැප්තැම්බර් මැද භාගයේදී එරට තුළ කොවිඩ්-19 සංසරණය වීමේ අණුක සාක්ෂි සොයාගෙන ඇති බවයි.

මිලාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් "සරම්ප" වැනි රෝග ලක්‍ෂණ සහිත රෝගීන්ගේ සාම්පල නැවත පරීක්‍ෂා කර ඇති අතර, 2019 සැප්තැම්බර් 12 දින සිට එක් රෝගියෙකු තුළ වෛරසයෙන් රයිබොනියුක්ලික් අම්ලය හමුවූ බව කියයි.

එමානුවෙල් මොන්ටොමොලි සියෙනා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සහ වෙස්මැදෙරි විද්‍යාගාරයේ විද්‍යාත්මක අධ්‍යක්ෂවරයා වන අතර, ඔහු පෙන්වා දෙන්නේ නවතම අධ්‍යයනයෙන් ඉතාලියේ කොවිඩ්-19 කාලරාමුව පිළිබඳ නිශ්චිත හා සෘජු සාක්ෂි සැපයෙන බවයි.

"වැදගත්ම දෙය නම් ඔවුන් සැබෑ වෛරසය සොයන අතර මිලාන් කණ්ඩායම වෛරසයේ රයිබොනියුක්ලික් අම්ලය සොයා ගැනීමයි. එබැවින් මෙය සැබෑ නිරූපණයයි" මොන්ටොමොලි පැවසීය.



Recommended Articles