කොවිඩ්-19 වසංගතයට පෙර කාලය හා සැසඳීමේදී වර්තමාන ලෝකයේ ත්‍යාගවන්තභාවය 25%කින් ඉහළ ගොස් ඇති බව ලෝකයේ සතුටින්ම සිටින රටවල් ලැයිස්තුව ඉදිරිපත් කරමින් පෙන්නුම් කර තිබේ.
කෙසේ වෙතත්, මෙවර ලෝකයේ සතුටින්ම සිටින මුල් රටවල් 10 අතරට එකදු ආසියාතික රාජ්‍යයක් හෝ අඩංගු නොවීමද විශේෂත්වයකි.
2020 සිට 2022 වසර දක්වා ලෝකයේ සතුට පිළිබඳ නිර්ණායක එතරම් ඉහළින් කතාබහ නොකෙරුණු අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය මීට දැඩි බලපෑමක් කළේය.
කෙසේ වෙතත්, 2023 නවතම වාර්තාවට අනුව ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැනට ෆින්ලන්තය පත්ව ඇති අතර, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබා ඇත. එමෙන්ම, පසුගිය වර 9 වැනි ස්ථානයේ පසුවූ ඊශ්‍රායලය මෙවර සිව්වැනි ස්ථානයට පත්ව තිබීමද කැපී පෙනෙයි. නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය මුල් රටවල් 10ට අයත් වේ.