වසංගතයට එරෙහි සටනට ප්‍රමාණවත් දෙයක් කිරීමට ඇමෙරිකාව සමීප වී නැහැ


අදටත් එක්සත් ජනපදයේ මිනිසුන් මිය යමින් සිටින බව පෙන්නුම් කරන්නේ වසංගතයට එරෙහිව සටන් කිරීමට ප්‍රමාණවත් තරම් දෙයක් කිරීමට ඇමෙරිකාව සමීප වී නොමැති නිසා යැයි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසයි.

මෙම වෛරසය ගෝලීයව පාලනය කිරීම එක්සත් ජනපද නායකත්වයේ ඌනතාවක් ලෙස හැඳින්වීම කලකිරීමෙන් යුතුව වුවද පැවසිය යුතු බව පවසන ඔහු, මේ තත්ත්වය තුළ රෝගයේ බරපතලකම දරා සිටීමට බ්‍රසීලය සහ ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලටද හේතු වී ඇති බව සඳහන් කරයි.

"විශේෂයෙන් එක්සත් ජනපදයට ඔබ අපේක්ෂා කළ නායකත්වයේ පණිවිඩ හෝ සම්බන්ධීකරණයක් කොහෙත්ම දක්නට නැහැ" ඔහු පැවසීය.

ගේට්ස් කියා සිටියේ ඉදිරියේදීවත් එක්සත් ජනපදය පියවරෙන් පියවර සහ මෙවලම්, විශේෂයෙන් එන්නත ලෝකයේ සෑම කෙනෙකුටම ලබාගැනීමට උපකාර කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.



Recommended Articles