වසංගතය නිසා ලෝකයේ නව ගැටුම් අවදානමක් - UN


කොවිඩ්-19 වසංගතය ගෝලීය දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීම සහ සාමය ගොඩනැගීම සඳහා වන වාසිවලට තර්ජනය කරනවා පමණක් නොව, පවතින ගැටුම් උග්‍ර කිරීමේ සහ නව ගැටුම් ඇති කිරීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී කියා සිටියේ, නව කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා ලොව පුරා ගැටුම්වලට වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස මාර්තු 23දා ඔහු කළ ඉල්ලීමත් සමග සටන් කරන කණ්ඩායම් ගණනාවක් සටනේ තියුණු බව අඩු කිරීමට හා සටන් නතර කිරීමට පියවර ගත් බවයි.

"එහෙත් කනගාටුවට කරුණක් නම්, බොහෝ අවස්ථාවන්හිදී වසංගතය තුළ විවිධ පාර්ශ්වයන් සතුරුකම් අත්හිටුවීමට හෝ ස්ථිර සටන් විරාමයකට එකඟ වීමට පෙලඹී නැහැ" ගුටරෙස් පැවසීය.



Recommended Articles