උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය අප්‍රේල් මස අගභාගයේ සිට උතුරු කොරියාවේ කොවිඩ්-19 පැතිර යාමක් ප්‍රකාශ කිරීමෙන් පසුව, ජනතාව අතර උණ තත්ත්වයක් පැතිර යන බවද එරටින් වාර්තා වෙයි.
ඒ අනුව, උණ ආශ්රිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 18,000ක් පමණ බ්‍රහස්පතින්දා වාර්තා වූ බව කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුවේ KCNA ප්රවෘත්ති ඒජන්සිය පවසයි. එමෙන්ම, 350,000කට අධික පිරිසක් උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් 162,200ක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව KCNA පවසයි.
මේ අතර උතුරු නායක කිම් ජොන් උන් බ්‍රහස්පතින්දා රටේ වෛරසය පිටුදැකීමේ විධාන මධ්‍යස්ථානයට ගිය අතර, දේශපාලන මණ්ඩල රැස්වීමකදී ඔහු රට තුළ දැඩි හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමද එදිනම සිදුවිය.
ඒ අනුව, උතුරු කොරියානු නායකයා රටේ සියලුම නගර සහ ප්‍රාන්තවලින් ඔවුන්ගේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දමන ලෙස ඉල්ලා සිටියේය. විශේෂයෙනම්, කිම් ජොන්ග්-උන් එම රැස්වීමේ මුලසුන හොබවන විට, ප්‍රථම වරට මුඛ ආවරණයක් පැලඳ ප්‍රසිද්ධියේ සිටිනු දැකිය හැකි විය.
එමෙන්ම රෝගය පැතිරීම පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු නිලධාරීන් විවේචනය කළේය. ඒ අනුව, උණ ඇති පුද්ගලයින් සක්‍රීයව හුදකලා කර ප්‍රතිකාර කරන ලෙසත් එය ප්‍රමුඛතාවයක් බවට පත් කරන ලෙසත් නායකයා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම සහ උපක්‍රම වේගවත් කරන ලෙසත්, ඖෂධ සැපයීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.