වසංගතය තවම අවසන් වී නෑ, තව ප්‍රභේද පැමිණේවි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ප්‍රකාශ කළේ ලෝකය තවම කොවිඩ්-19 වසංගතයේ අවසානයට පැමිණ නොමැති බැවින්, තවත් කොරෝනා වෛරස ප්‍රභේද අපේක්ෂා කළ හැකි බවයි.

"වෛරසය පරිණාමය වී, විකෘති වන බව අප දැක තිබෙනවා. එබැවින් තවත් ප්‍රභේද, සැලකිලිමත් විය යුතු ප්‍රභේද ඇති බව අප දැන සිටිය යුතුයි. එබැවින් අප වසංගතයේ අවසානයේ නොසිටින බවද සියලු දෙනා තේරුම් ගතයුතු වෙනවා" ස්වාමිනාදන් දකුණු අප්‍රිකාවේදී වාර්තාකරුවන්ට පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග එන්නත් නිෂ්පාදන පහසුකමක් නිරීක්ෂණයට ගිය අවස්ථාවේදීය.



Recommended Articles