කොරෝනා වෛරස වසංගතය තරුණ ඇමෙරිකානුවන් වෙත මාරුවීම හෙවත් වැඩි වශයෙන් එරට තරුණ ප්‍රජාව මේ වනවිට වෛරසයට ගොදුරු වෙමින් සිටීම, අනිවාර්යයෙන්ම සුබ ආරංචියක් නොවන බව හාවඩ් ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අෂිෂ් ජා පවසයි.
ෆ්ලොරිඩා, දකුණු කැරොලිනා, ජෝර්ජියා, ටෙක්සාස් සහ තවත් ප්‍රාන්තවල සහ තවත් නගරවල අගුලු දැමීම් යළි විවෘත කළ පසු මේ ආකාරයෙන් තරුණ ප්‍රජාව අතර වෛරසය වේගයෙන් පැතිර යාමක් දක්නට ලැබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
"වෛරසය ශරීරගත වුවද යෞවනයන් අසනීප වීමට (රෝග ලක්ෂණ පෙන්වීමට) ඇති ඉඩකඩ අඩු බව අප දන්නවා. ඒ වගේම වෛරසයෙන් ඔවුන් මියයාමට ඇති ඉඩකඩද අඩු බව අප දන්නවා. නමුත් ගැටලුව වන්නේ ඔවුන් අසනීප නොවූවද, ඔවුන්ට අන් අයට ආසාදනය කළ හැකිවීම (වෛරසය සම්ප්‍රේෂණය කිරීමට) ඇති හැකියාව ඉතා භයානකයි."
"ඒ තරුණ අයට දෙමාපියන් සිටිනවා. ඔවුන්ට ආච්චිලා සීයලා ඉන්නවා, ඔවුන් ඒ අයව බලන්න යනවා. මේ ආකාරයෙන් වෛරසය වැඩිවන තරමට සෑම දෙනෙකුම අවදානමට ලක්වෙනවා" ජා වැඩිදුරටත් පවසා සිටියේය.
වසංගතය ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපා රටවල පැතිර යන මුල් අවධියේ සිදුවූයේද තරුණ ප්‍රජාව රෝග වාහකයන් ලෙස ක්‍රියාත්මක වීමකි.