එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දර්ශකය සැප්තැම්බර් මාසයේ 0.4%ක ප්‍රතිශතයක් ලබා ගැනීමෙන් පසුව, ගෙවුණු ඔක්තෝබර් මාසයේදී එය 0.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
ඔක්තෝබර් සිට ගෙවුණු මාස 12 තුළ, පාරිභෝගික මිල දර්ශකය 6.2%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වර්ෂ 1990 නොවැම්බරයේ සිට වසරින් වසර විශාලතම ඉහළ යෑම බවද සඳහන් වෙයි.
විශේෂයෙන්ම ඇමෙරිකානු ආර්ථිකයේ සැලකිය යුතු දෙදරීමක් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.