වසංගත අවසන් කරන්නැයි ඉල්ලා ආ නැටුම් යක්ෂයන්


වෙනිසියුලාවේ චාරිත්‍රානුකූල සහෝදරත්වයේ සාමාජිකයන් සිය වාර්ෂික කෝපස් ක්‍රිස්ටි සැමරුම හෙවත්, නැටුම් යක්ෂයන්ගේ චාරිත්‍රය පැවැත්වූයේ රට තුළ සහ ලෝකයේ ව්‍යාප්ත වී ඇති කොවිඩ්-19 වසංගතය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

වෙනිසියුලාවේ මධ්‍යම වෙරළ තීරයේ වැඩිහිටි පුරුෂයන් හා තරුණයන්ගේ කණ්ඩායම් වර්ෂ 1700 ගණන්වල සිට වෙස්මුහුණු යක්ෂයන් වශයෙන් සැරසී සිටින අතර ඔවුන් නපුරට එරෙහිව යහපත සංකේතාත්මකව ජයග්‍රහණය කිරීමේ කොටසක් ලෙස දෙවියන් වහන්සේට යටත් වන චාරිත්‍රයක් ලෙස මෙය පවත්වති.

මෙය රෝමානු කතෝලික නිවාඩු දිනය සැමරීම ස්වදේශික, අප්‍රිකානු සහ ස්පාඤ්ඤ සම්ප්‍රදායන් මිශ්‍ර කරන අවස්ථාවක් බව සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

අගනුවර කැරකස් සිට කිලෝමීටර් 52ක් ඊසාන දෙසින් පිහිටි නයිගුආටා හි උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා දේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ ආරම්භ වී සවස 6.00ට පසුව අවසන් විය. අශ්වයන්, බල්ලන් හෝ බළලුන් වැනි සත්ව ස්වරූපයක් ගත් යක්ෂයන් ලෙස සැරසී සිටි නර්තන ශිල්පීන් සඳහා තවත් පිරිසක් බෙර වාදනය කරමින් සහාය දැක්වීය.

"ලොව පුරා (වසංගතය) අතුරුදන් වීම සඳහා අපි පූජාසනයේ අතිශයින්ම ශුද්ධ වූ පූජාව ඉල්ලා සිටිය යුතුයි. මන්දයත් අප අත්විඳින දේ නරකයි" වයස අවුරුදු 7 සිට මෙම නර්තනයන්ට සහභාගී වී වසර 50ක් තිස්සේ කණ්ඩායම සමග සිටින හෙන්රි ගොන්සාලෙස් පැවසීය. "අපි මෙය කරන්නේ සම්ප්‍රදාය කිසි විටෙකත් පහව නොයන ලෙසයි."

කෙසේ වෙතත් යක්ෂයන් ලෙස ඔවුන්ගේ අලංකාර වෙස් මුහුණු යටතේ මුහුණ ආවරණය කරගෙන සිටින නිසාත්, එළිමහන් උත්සවය වසංගත දුරස්ථ ක්‍රියාමාර්ගවලට ගරු කළ නිසාත් බලධාරීන් උත්සවයට අවසර දුන් බව නයිගුවාටා හි නැටුම් යක්ෂයාගේ සංගමයේ ප්‍රධානී එෆ්‍රන් යාරාර්ට් පැවසීය.

වෙනිසියුලාවේ නිල දත්ත අනුව කොවිඩ්-19 ආසාදිතයන් 238,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 2,689කට වඩා වැඩි සංඛ්‍යාවක් පෙන්නුම් කරන නමුත් බොහෝ සෞඛ්‍ය විශේෂඥයන් සිතන්නේ සත්‍ය ආසාදන හා මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවයි.



Recommended Articles