ඇමෙරිකාවේ වර්ජීනියා බීච් හි නගරසභා ගොඩනැගිල්ලක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් 12 දෙනා හඳුනා ගැනෙයි.
නගරයේ කළමනාකාර ඩේව් හැන්සන් පවසා සිටියේ නගර සභාවේ සේවකයන් 11 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ එක් අයෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියයෑමට පෙර මෙම ප්‍රහාරකයා අදාළ ආයතනයේ ඉවක් බවක් නොමැතිව සිය විවෘත වෙඩි තැබීම සිදුකර තිබුණි.
ප්‍රහාරකයා ඩිවයින් ක්‍රැඩොක් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති අතර, නගරසභා සේවයෙන් පහ කිරීමේ කෝපයට ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇති බව විශ්වාස කෙරෙයි.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර පොලිස් නිලධාරියෙකුද වෙයි. මියගිය අයගෙන් 5 දෙනෙකු කාන්තාන් බවද හඳුනාගෙන ඇත.
ඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති පැවතිය යුතු බවට මෙවැනි ප්‍රහාර හමුවේ වරින් වර හඬක් නැගුණද, ලෝකයේ ගිනි අවි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස තවමත් ඒ සම්බන්ධයෙන් දැඩි තීරණයකට පැමිණීමට ඇමෙරිකාවට නොහැකි වී ඇත.