තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහා සංකීර්ණයේ සති දෙකකට වැඩි කාලයක් සිරවී සිට බේරාගැනුණු වයිල්ඩ් බෝර්ස් දරුවන් 12දෙනාගෙන් 11දෙනෙකු තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වූහ.
දින නවයක කාලයක් පැවිදි ජීවිතකයක් ගත කිරීම සඳහා සැරසෙන දරුවන් ආගමික වතාවත්වල යෙදීමෙන් පසුව භික්ෂූන් වහන්සේලා විසින් ඔවුන්ගේ හිස මඩු කරන දසුන් විදෙස් මාධ්‍යවල වාර්තා විය.
ඔවුන්ගේ මෙම ව්‍යායාමයේ මුඛ්‍ය අරමුණ වන්නේ ඔවුන් බේරාගැනීමට ජීවිතය පූජා කළ හිටපු තායි නේවි සීල් භටයෙකු වූ සමාන් ගුනාන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම බවද සඳහන් වෙයි.
උතුරුදිග තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ බෞද්ධ ආරාමයකදී මෙම දරුවන් පිරිස නවක භික්ෂූන් ලෙස තාවකාලික පැවිද්ද ලබාගනිද්දී, මීට පෙරද පැවිදි දිවියේ අත්දැදීම් ඇති ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ඒක් භික්ෂුවක් ලෙස පැවිද්ද ලැබීය.
මෙම අවස්ථාවට එම දරුවන් සුදු වතින් සැරසී සහභාගී වී සිටි අතර, ඔවුන් බොහෝ සංයමයෙන් හා ප්‍රීතියෙන් ඊට මුහුණදුන් බවද විදෙස් වාර්තාවල සඳහන් විය.
එමෙන්ම, දරුවන් පිරිස ලබන මේ අධ්‍යාත්මික සැනසීමෙන් ඔවුන්ගේ මනස තවදුරටත් සංසුන් වනු ඇති බව දෙමවුපියෝ පවසති.
කෙසේ වෙතත්, ඔවුන්ට ඉදිරියේදී විභාග කාලය පැමිණෙන බැවින් තාවකාලික පැවිද්ද දින 9කට පමණක් සීමා කිරීමට සිදුවූ බවද දරුවෙකුගේ මවක සඳහන් කළාය.