වයස 95 දී පිළිකාව ජයගත් 107 ආච්චී කොවිඩ්ද ජයගනී


වයස අවුරුදු 95 දී ගර්භාෂ පිළිකාවකට ගොදුරුව එය ජයගත්, එක්සත් ජනපදයේ මිනසෝටා හි ප්‍රජා නිවාසයක ජීවත් වන ටිලී ඩයිබින් වයස අවුරුදු 107 දී කොවිඩ්-19 වෛරසයද වැලඳී ඉන් සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

ඇය 2015 සිට ජීවත් වන ඩෙට්‍රොයිට් ලේක්ස් ප්‍රජා නිවාසයේදී පවසා තිබුණේ ඇයට කොවිඩ්-19 රෝගය විනිශ්චය කළ විට යම් වෙහෙසකාරී බවක් හැර වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වූ බවයි.

1918 ස්පාඤ්ඤ උණ වසංගතය අවස්ථාවේදී තමාගේ දෙමවුපියන් අසනීප වූ බවත් ඇය සඳහන් කර තිබේ. වයස අවුරුදු 95 දී ගර්භාෂ පිළිකාවට ගොදුරු වූ තමන්, පිළිකා රෝගයෙන්ද දිවි ගලවා ගත් තැනැත්තියක් බව ඇය කියා සිටියාය.

ඩයිබින් සුවය ලැබීම ගැන ඇය ජීවත් වන ප්‍රජා නිවාසයේ පිරිස සතුටට පත්ව කියා සිටියේ, "ඒ සිනහව දැකීමටත්, ඇය සිනහවන හඬ සෑම දිනකම ඇසීමටත් ලැබීම අපට මහත් සතුටක්, ඇය අපේ ප්‍රජාවට එවැනි ආශීර්වාදයක්!" යනුවෙනි.



Recommended Articles