වනවාටු දූපතක ගිනි කන්දයක් යළි සක්‍රීයවීමත් සමග එම දූපතේ ජීවත්වන සියලු දෙනා ඉවත් කිරීමට බලධාරීන් පිවයර ගෙන තිබේ.
දූපත් කොදෙව්වකින් සුසැදි වනවාටු රාජ්‍යයේ ඇම්බේ දූපතේ පිහිටි මනාරෝ වෝයි ගිනි කන්ද මෙසේ සක්‍රීය වී ඇති අතර, මේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා ගිනි කන්දෙන් යමහල් අළු පිටවූ බව සඳහන් වෙයි.
මෙම ගිනි කන්ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ද සක්‍රීය වූ අතර, දූපතේ වූ සියලු පිරිස් ඉවත් කිරීම ආරම්භ වූයේ එම අවස්ථාවේදීය.
ඒ අනුව, නැවත වරක් මෙම පැසිෆික් රාජ්‍යයේ වැසියන්ට බලවත් ජීවිත තර්ජනයක් පවතින බව පවසමින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටියි
වනවාටු විදේශ අමාත්‍ය රැල්ෆ් රෙගෙන්වානු පසුගියදා ට්විට්ර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ දූපතෙන් සියලු දෙනා ඉවත්වීම අනිවාර්යය බවයි. ඒ අනුව, එහි වාසය කරන පිරිස් අසල දූපතක් වෙත යොමුකරමින් සිටින බවද හෙතෙම සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම දැන්ම්දීමට අනුව දූපතෙන් ඉවත්ව යෑමට අකැමැත්තෙන් පසුවන්නෝද සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.