එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ගැටුම් සහිත ප්‍රදේශවල පවුල්වලට ආහාර සොයා ගැනීමේ හැකියාව හීනවීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති අතර යුක්රේනයේ අර්බුදය රටේ දේශසීමාවෙන් ඔබ්බට ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීය.
"ලෝකය දැනටමත් පෙර නොවූ විරූ මට්ටමේ සාගින්නකට මුහුණ දී සිටින වසරක් තුළ, දිගු කලක් තිස්සේ යුරෝපයේ පාන් කූඩය වූ දේ තුළ කුසගින්න හිස ඔසවනු දැකීම ඛේදජනකයි" WFP විධායක අධ්යක්ෂ ඩේවිඩ් බීස්ලි පැවසීය. "යුක්රේනයේ පවතින ගැටුම් ගෝලීය සාගින්න අර්බුදය අප පෙර දැක ඇති ඕනෑම දෙයකට ඔබ්බට ගෙන යා හැකියි."
කෙසේ වෙතත් යුක්රේනයේ මුදල් හිඟයද මධ්‍යයේ, තෝරාගත් වෙළෙඳසැල්වල අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම්, මුදල් සහ ආහාර වවුචර් හරහා ආධාර සැපයීමට WFP සැලසුම් කර තිබේ.