ලෝකයේ සාගතයට යුරෝපය සහ ඇමෙරිකාව වගකිව යුතුයි


බටහිර ගෝලීය ආර්ථිකය කළමනාකරණය කිරීම සහ දුර්වල ජාතීන්ගෙන් භාණ්ඩ උරා ගැනීම සඳහා සල්ලි අච්චුගැසීම මත යැපීම උද්ධමනයට සහ දිගහැරෙන ආහාර අර්බුදයට සැබෑ හේතුව බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ (SPIEF) අදහස් දක්වමින් රුසියානු නායකයා බටහිර නායකයින්ට ගෝලීය අර්බුදයක් ඇති කළ බවට චෝදනා කළ අතර, එමගින් අවදානමට ලක්විය හැකි සිය දහස් ගණනක් මන්දපෝෂණ තත්ත්වයකට නිරාවරණය කර ඇති බව පවසයි.

"අඛණ්ඩව පවතින මිල ඉහල යාම, උද්ධමනය, ආහාර සහ ඉන්ධන, ගෑස් සහ බලශක්තිය සම්බන්ධ ගැටළු, පොදුවේ වත්මන් එක්සත් ජනපද පරිපාලනයේ සහ යුරෝපීය නිලධාරීන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ පද්ධතිමය වැරදිවල ප්‍රතිඵලයක්" පූටින් පැවසීය.

බටහිර ජාතීන් තම ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර විදේශ රටවල භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

"ඔවුන් බොහෝ සෙයින් ගෝලීය වෙළෙඳපාළවල් උදුරා දැමුවා. බොහෝ දුප්පත්ම අය ඇතුළු අනෙකුත් ජාතීන්ගේ අවශ්‍යතා ගැන සිතීමට කිසිවෙකු උනන්දු වූයේ නැහැ." පූටින් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles