ලෝකයේ ප්‍රථම ඌරු හදවත් බද්ධය සිදුකළ මිනිසා මියයයි


ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගෙන්, ඩේවිඩ් බෙනට් නම් වූ මෙම තැනැත්තා වෙත මෙම ඉන්ද්‍රිය ලබාදී තිබුණේ මාරාන්තික හෘද රෝගයකින් පසුවය.

ඌරෙකුගෙන් හදවතක් බද්ධ කළ පළමු වැනි පුද්ගලයා පෙරළිකාර ශල්‍යකර්මයෙන් මාස දෙකකට පසු සිය ජීවිතයෙන් සමුගත් බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඩේවිඩ් බෙනට්ගේ තත්ත්වය දින කිහිපයකට පෙර නරක අතට හැරෙන්නට පටන් ගෙන ඇති බව වෛද්‍යවරු අනාවරණය කළ නමුත් මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

57 හැවිරිදි ඔහු මාරාන්තික හෘද රෝගයකින් පෙළීමෙන් පසු ජනවාරි මාසයේදී සැත්කම සිදුකර ඇති අතර, ඔහුගේ පවුලේ අය මෙම ක්‍රියා පටිපාටිය අඳුරේ වෙඩි තැබීමක් සහ බෙනට්ගේ ජීවිතය බේරාගැනීමේ අවසාන තේරීම බව කලින් පිළිගෙන තිබුණි.

"මෙම ඓතිහාසික ප්‍රයත්නයට ගිය සෑම නව්‍ය මොහොතකටම, සෑම පිස්සු සිහිනයකටම, සෑම නිදි නැති රාත්‍රියකටම අපි කෘතඥ වෙනවා" ඩේවිඩ් බෙනට් ජූනියර් සිය පියාගේ අභාවයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

"මෙම ඉන්ද්‍රිය බද්ධ කිරීම ප්‍රථම වරට පෙන්නුම් කළේ ජානමය වශයෙන් වෙනස් කරන ලද සත්ත්ව හදවතකට ශරීරයෙන් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මිනිස් හදවතක් මෙන් ක්‍රියා කළ හැකි බවයි" ශල්‍යකර්මයේදී මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරු පැවසූහ.



Recommended Articles