ලෝක ජනගහනයෙන් 99%ක් හුස්ම ගන්නේ එහි ගුණාත්මකභාවය සැලකීමේදී, ප්‍රමිතියෙන් අඩු වාතාශ්‍රයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ගෝලීය මහජන සෞඛ්‍ය අභියෝග පිළිබඳව රජයන්ට උපදෙස් දීමේ වගකීම පැවරී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය 2018 වසරේ සිට ප්‍රථම වරට එහි වායු දූෂණ දත්ත ගබඩාව යාවත්කාලීන කරමින් මෙම කරුණු හෙළිදරව් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ වායු දූෂණය සඳහා වන එහි ප්‍රමිතිය සංශෝධනය කළේ මෙම ප්රශ්නය සම්බන්ධයෙන් තවත් රජයේ ක්‍රියාමාර්ග සඳහා ඇති හදිසි අවශ්‍යතාව අවධාරණය කිරීමටය.
යාවත්කාලීන කිරීම පැහැදිලි කරමින් සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් WHO කියා සිටින්නේ අඩු මට්ටමින් පවා සිදුවන වායු දූෂණය සැලකිය යුතු හානියක් සිදුකරන බවය. එය ශීඝ්‍රයෙන් වර්ධනය වන බවද පවසන එම සංවිධානය, මෙම වායු දූෂණයන්ට නිරාවරණය වීමෙන් පමණක් සෑම වසරකම මිලියන 7ක් මියයන බවද පෙන්වා දුන්නේනය.
මෙම නව දත්ත ගබඩාවට අමතර නගර 2,000ක වාතයේ ගුණාත්මක භාවය සක්‍රියව නිරීක්ෂණය කරන මිනුම් ඇතුළත් වේ. රටවල් 117ක නගර 6,000කට වැඩි ප්‍රමාණයක් දැන් අධ්‍යයනයට සහභාගී වේ.