ලෝකයට පරමාණු අවිය අත්හැරීම සඳහා කාලය ඇවිත් - පාප් තුමන්


ජපානයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ නාගසාකි නගරයේ සංචාරයක නිරත වූ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් න්‍යෂ්ටික අවිආයුධවලින් ඉවත් වන ලෙස ලෝකයෙන් ඉල්ලීමක් කර තිබේ.

පරමාණුක අවියෙන් ඇති කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි භයානක තත්ත්වයක් බව පවසන එතුමන්, ගෝලීය සාමය වෙනුවෙන් විසඳුම පරමාණුක අවිය නොවන බව අවධාරණය කරයි.

1945 දී ඇමෙරිකාව විසින් ජාපානයේ නාගසාකි වෙත හෙළන ලද පරමාණුක බෝම්බය හේතුවෙන් මියගිය පිරිස 74,000කි.

මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් මේ වනවිට 80 වැනි වියෙහි පසුවූවන් දෙදෙනෙකු පාප් තුමන් සහභාගී වූ දේව මෙහෙයට සහභාගී වී තිබුණි.



Recommended Articles