ලෝකයට තෙල් සැපයීමට ඉරානය සූදානම් බව කියයි


ලෝක වෙළෙඳපොළට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීමට සහ මිල ස්ථාවර කිරීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව ජාතික ඉරාන තෙල් සමාගමේ (NIOC) ප්‍රධානියා උපුටා දක්වමින් ඉරාන නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරයි.

ගෝලීය වශයෙන් රටේ තෙල් කොටස නැවත ලබා ගැනීමට සහ වැඩි කිරීමට ඉරානය සෑම උත්සාහයක්ම ගෙන ඇති බව NIOC හි ප්‍රධාන විධායක නිලධාරී මොෂෙන් මෙහ්ර් IRNA වෙත පැවසීය.

කෙසේ වෙතත් ඉරානය නැවත ලෝක වෙළෙඳපොළට පැමිණීම සඳහා සම්බාධක සහ පශ්චාත් සම්බාධක කාලය වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලෝකයට තෙල් සැපයීම සම්බන්ධයෙන් ඉරානයේ ස්ථාවරය විශේෂ වන අතර, ඉස්ලාමීය ජනරජය තිරසාර සැපයුම්කරුවෙකු බවට යුරෝපීය පිරිපහදු කරන්නන් විශ්වාස කරන බව ඔහු පැවසීය.

"NIOC හි අනෙකුත් සමාගම් සමග යුරෝපීය සමාගම්වල අවශ්‍යතා සපුරාලීමට අපි සූදානම්" මෙහර් පැවසීය.

ඉරානයේ තෙල් කර්මාන්තය සහ එහි අපනයන එක්සත් ජනපදයේ ඒකපාර්ශ්වික සම්බාධක යටතේ පවතී.



Recommended Articles