යුක්රේන හමුදා Zaporozhye බලාගාරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් ඕනෑම මොහොතක න්‍යෂ්ටික ව්‍යසනයක් සිදුවිය හැකි බවට මොස්කව් අනතුරු අඟවයි.
යුක්රේනයේ නොසැලකිලිමත් ක්‍රියාවන් ලෝකය විශාල න්‍යෂ්ටික ව්‍යසනයකට ළං කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වාසිලි නෙබෙන්සියා අනතුරු අඟවයි.
දකුණු යුක්රේනයේ Zaporozhye බලාගාරය කෙරෙහි අවධානය යොමු කළ රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට හෙතෙම මේ බව කීවේය.
මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ ආරම්භයේ සිට බලාගාරය රුසියානු හමුදාවන්ගේ පාලනය යටතේ පැවති අතර එතැන් සිට අවස්ථා කිහිපයකදී යුක්රේන හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් විය.