ලෝකය ගල් අඟුරුවලින් ඈතට යද්දී චීනය එය පසුපස යනවාලු


ලෝකයේ බොහෝ රටවල් පසුගිය මාස 18ක කාලය තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලිබල උත්පාදනයෙන් බැහැර වෙමින් සිටියද, චීනය තවදුරටත් ගල් අඟුරු බලාගාර ඉදිකරන බවට චෝදනා එල්ල වෙයි.

ඒ අනුව, මේ වනවිට චීනය සතුව සමස්ත යුරෝපයටම විදුලිබලය සැපයිය හැකි මට්ටමේ ගල් අඟුරු බලාගාර ඉදිකර හෝ ඉදිවෙමින් පවතී.

ඉන් නොනැවතී, ඔවුන් තම දේශසීමාවෙන් ඔබ්බට විදේශයන්හි පවා ගල් අඟුරු විදුලිබලාගාර සඳහා ආයෝජනය කරමින් සිටින බවද කියැවෙයි.

මෙය පැරිස් දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවට පර්යේෂකයෝ චෝදනා කරති.



Recommended Articles