ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥ කණ්ඩායමක් චීනය බලා පැමිණේ


නව කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා චීන විශේෂඥයන් සමග වැඩ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥයන් පිරිසක් චීනය වෙත යවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'චීන-ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥ විමර්ශන කණ්ඩායමේ' කොටසක් වන මෙහි නායකත්වය දරනු ලබන්නේ මීට පෙර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා පිළිබඳ ප්‍රවීණයෙකු ලෙස සැලකෙන බෘස් අයිල්වර්ඩ් විසිනි. ඔහු බීජිං වෙත පැමිණෙන බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් චීන මාධ්‍ය වෙත පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ වසංගතයේ වර්තමාන තත්ත්වය සහ එය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම විශේෂඥයන් අතර ගැඹුරු අදහස් හුවමාරුවක් පැවැත්වීමය. එමෙන්ම චීනය සහ අනෙකුත් බලපෑමට ලක්වූ රටවල් සඳහා ඊළඟ පියවර සඳහා උපදෙස් හා යෝජනා ලබාදීමද මෙම සංචාරයේ අරමුණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.



Recommended Articles