ලෝක ජනගහනයෙන් මිලියන තුනයි දශම පහක් ආසාදිතයන්


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් අද (04දා) අලුයම වනවිට මිලියන 3.5ක් ඉක්මවා ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පිළිබිඹු කරයි.

එමෙන්ම කොරෝනා රෝගය ආසාදනය වී ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාවද මේ වනවිට 250,000ක සීමාවට පැමිණ ඇත්තේ, වෛරසය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් තවදුරටත් ඇති කිරීමේ අවශ්‍යතාව මතු කරමිනි.

මීට අමතරව වෛරසය ආසාදනය වී ඉන් සුවය ලබා ඇති පිරිස 1,125,000ක සීමාවට පැමිණ ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles