නව කොරෝනා වෛරස වසංගතය හමුවේ කඩා වැටුණු ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් වසර 2ක් ගතවනු ඇතැයි ආර්ථික සහයෝගීතා හා සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසයි.
ලොව පුරා රටවල් 37කින් සැදුම්ලත් ආර්ථික සහයෝගීතා හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) පවසන පරිදි මෙම වසංගතය සියවසකට ආසන්න කාලයක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අවපාතයට හේතු වී ඇත.
එය ජනතාවගේ සෞඛ්‍ය, රැකියා සහ යහපැවැත්මට විශාල හානියක් සිදුකර ඇතැයිද මෙම අන්තර් රාජ්‍ය ආර්ථික ආයතනය සිය නවතම ගෝලීය දත්ත ඉදිරිපත් කරමින් අනතුරු අඟවයි.