ලෝක ආර්ථික අර්බුදය හමුවේ චීනයේ ආර්ථිකයත් බැහැලා


චීන ආර්ථිකය ජූලි සිට සැප්තැම්බර් දක්වා පුරෝකථනය කළ ආර්ථික වර්ධන වේගය අඩාල වෙමින් 6.5%ක වර්ධන වේගයක් පෙන්වා තිබේ.

ගෝලීය ආර්ථික අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා චීනය පෙන්වා ඇති පහළම ආර්ථික වර්ධන වේගය මෙම කාර්තුව තුළ දැකිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

රොයිටර් පුරෝකථනයන්ට අනුව 6.6%ක ආර්ථික වර්ධන වේගයක් අදාළ කාර්තුව තුළ චීනය ලබාගනු ඇති බව කියා තිබුණද, චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කළ නවතම දත්ත අනුව එය 6.5%ක රැඳී තිබේ.

මේ තත්ත්වය තුළ චීන ආර්ථිකය වෙත සිසිලසක් ලබාදීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පසුගිය මාස කිහිපය තුළ දැඩි ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක්ම ගෙන තිබූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.  



Recommended Articles