ලොස් ඇන්ජලීස් නගරාධිපති දේශගුණ සමුළුවෙන් ඉවතට


ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ ලෝක නායකයන් සහ ලොව පුරා සිටින දස දහස් සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කර ඇති මෙම සමුළුවට සහභාගී වෙමින් සිටියදී නගරාධිපතිවරයා කොවිඩ්-19 ධනාත්මක බව තහවුරු වීම නිසාය.

ඔහුගේ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ, "නගරාධිපතිවරයා හෝටල් කාමරය තුළ නිරෝධායනයට ලක්ව සිටිනවා. ඔහුට පවතින්නේ සුළු රෝග ලක්ෂණ පමණයි. ඔහු සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති තැනැත්තෙක්." යනුවෙනි.



Recommended Articles