ලොස් ඇන්ජලීස් තවත් වෙඩි තැබීමක් - මරණ 2ක්


එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් පේද්‍රෝ හි පෙක් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු මිය ගිය බව ලොස් ඇන්ජලීස් පොලිසිය පවසයි.

මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් ලොස් ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසුවේ පිරිමින් හතර දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවය. තවත් පස් දෙනෙනු තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි.

"පෙක් පාර්ක් හි පැවති මෝටර් රථ සංදර්ශනයක් අසල වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ සිවිල් වැසියන් හත් දෙනෙකු (පිරිමි හතර දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු) රෝහල්ගත කර තිබෙනවා. අවම වශයෙන් රෝගීන් තිදෙනෙකුට වෙඩි වැදී තුවාල සිදුවී ඇති බව තහවුරු වුණා. ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තුවාල ලැබූවන්ගෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු බරපතළ තත්ත්වයේ පසුවූ බවයි.

වෙඩි තැබීමට තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවත් එය කල්ලියක් සම්බන්ධ සිදුවීමක් විය හැකි බවත් ඔවුන් විශ්වාස කරන බවයි. ගිනිඅවි අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාව මේ වනවිට නම් දරා තිබෙන අතර, එරට ගිනිඅවි පාලන නීති සම්බන්ධයෙන්ද එකිනෙකා අතර පරස්පර මත පවතී.



Recommended Articles