ලොවෙන් සමුගත් සුදු රයිනෝ යළිත් ඉපැද්දවීමට ප්‍රබල වෑයමක්


කෙන්යාවේ දැනට ජීවත් වන එකම උතුරුදිග සුදු රයිනෝසරස් ගැහැණු සතුන් දෙදෙනාගෙන් ලබාගත් ඩිම්බ 10ක් සාර්ථක ලෙස වගා කිරීමට පශු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.

ඔවුන් බලාපොරොත්තු වන්නේ, මේ වනවිට ලෝවෙන් තුරන් වී සිටින උතුරුදිග සුදු රයිනෝ පිරිමි සතුන්ගේ ලබාගෙන සංරක්ෂිතව ඇති ශුක්‍රාණ සමග මෙම ඩිම්බ එක්කොට සුදු රයිනෝ පැටවුන් බිහිකර ගැනීමටය.

සූඩාන් නමින් හැඳින්වුණු උතුරුදිග සුදු රයිනෝ අවසන් පිරිමි සත්වයා පසුගිය 2018 වසරේ මාර්තු මාසයේදී ලොවෙන් තුරන් විය.

ඔවුන්ගේ නිජබිම් ජනතාව විසින් අල්ලා ගැනීමත්, දඩයක්කරුවන් විසින් ඔවුන් මරා දැමිමත් නිසා මිහිපිට විසූ මෙම දැවැන්ත සත්වයන්ට මිහිතලයෙන් වඳවී ගියේය.

කෙසේ වෙතත්, නවීන තාක්ෂණයන්ගේ ආනුභාවයෙන් ලොවෙන් තුරන් වූ මෙම සතුන් යළිත් මිහිපිට සිටුවීමට මෙම පශුවෛද්‍ය කණ්ඩායම දැවැන්ත වෙහෙසක් දරමින් සිටියි.



Recommended Articles