ලොවපුරා ධාන්‍ය ප්‍රවාහන ගැටලුවට අපට දොස් එපා!


ලොව පුරා ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමේ උත්සාහයන් පදනම් විරහිත බවත් ඒ වෙනුවට බටහිර සම්බාධක වගකිව යුතු බවත් රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.

රුසියානු ජනාධිපතිවරයා, ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහාමර් සමග දුරකථන සංවාදයකදී මෙම කරුණ අවධාරණය කර තිබේ.

"ලෝක වෙළෙඳපොළට කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමේ දුෂ්කරතා සඳහා රුසියාව වගකිව යුතු බවට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිතයි" දුරකථන ඇමතුමේදී පූටින් පෙන්වා දී තිබේ.

"එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය විසින් රුසියානු විරෝධී සම්බාධක හේතුවෙන් මතු වූ මෙම ගැටළු සඳහා සැබෑ හේතු පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ලබා දී තිබෙනවා." රුසියානු නායකයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.



Recommended Articles