ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 41ක සීමාව පසුකරයි


ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 410,024,095ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (13දා) උදෑසන වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 5,809,171ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

මේ අතර වසංගතයට එරෙහිව ලොව පුරා ආරම්භ වී ඇති එන්නත්කරණය යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 10,189,942,750ක් ලබාදී ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

 

ඉතිහාසයේ ඉහළම ආනයන
වියදම 2021 දෙසැම්බරයේ

2021 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො.බිලියන 2.24ක් ලෙස සටහන් වූ අතර, එය 2020 දෙසැම්බර් මාසයේදී සටහන්ව තිබුණේ ඇ.ඩො.බිලියන 1.52ක් ලෙසිනි. ඒ අනුව, මෙය 46.8%ක සැලකිය යුතු ඉහළ යෑමකි.

 

අඛණ්ඩව 7 වැනි මාසයටත් ඇ.ඩො.බිලියනය ඉක්මවූ ඉහළ අපනයන ඉපැයීමක් තිබියදීත්, ඉතිහාසයේ ඉහළම මාසික වියදම වාර්තා කරමින් ආනයන අධික ලෙස ඉහළ යෑම නිසා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, වසරකට පෙර පැවති හිඟයට සාපේක්ෂළු පුළුල් වූ බව මහ බැංකුව පවසයි.

2021 වසරේ දෙසැම්බර් මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ගෙනහැර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු අනාවරණය කරයි.

කෙසේ වෙතත් පෙර මාසයට සාපේක්ෂළු දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් කැපී පෙනෙන වර්ධනයක් සමග අඛණ්ඩව ඉහළ ගිය බව පෙන්වා දෙන මහ බැංකුව, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වාදී ඇති දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයට ප්‍රතිචාර දැක්වීම සහ උත්සවය සමයේ ඉහළ යන ප්‍රේෂණ ප්‍රවණතා පිළිබිඹු කරමින්, දෙසැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මාසික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කර ඇති බව කියයි.

2021 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො.බිලියන 2.24ක් ලෙස සටහන් වූ අතර, එය 2020 දෙසැම්බර් මාසයේදී සටහන්ව තිබුණේ ඇ.ඩො.බිලියන 1.52ක් ලෙසිනි. ඒ අනුව, මෙය 46.8%ක සැලකිය යුතු ඉහළ යෑමකි.

එසේම 2021 දෙසැම්බරයේ සංචාරක ඉපැයීම්වලින් ඇ.ඩො.මිලියන 120ක් ලැබී තිබූ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඇ.ඩො.මිලියන 325ක් ලෙස සටහන්ව තිබුණි.



Recommended Articles