ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ කැස්ස සිරප් නිසා සිදුවූ ළමා මරණ රැසකට පසු දූෂිත ඖෂධවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ඉල්ලා තිබේ.
2022 දී, ගැම්බියාව, ඉන්දුනීසියාව සහ උස්බෙකිස්තානය යන රටවල ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 5ට අඩු ළමයින් 300කට අධික සංඛ්‍යාවක් දූෂිත ඖෂධ හා සම්බන්ධ මරණවලින් උග්‍ර වකුගඩු ආබාධයකින් මිය ගිය බව WHO ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම කැස්ස සිරප්වල, ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් ඉහළ මට්ටමක පැවති බව අනාවරණය වී තිබේ.