ලොව විශාලතම දුරේක්ෂය නාසා අභ්‍යවකාශගත කරයි


ලොව විශාලතම, සංකීර්ණම සහ බලවත්ම අභ්‍යවකාශ දුරේක්ෂය ලෙස සැලකෙන නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) සෙනසුරාදා දියත් කිරීම සිදුව තිබේ.

තාක්‍ෂණික දෝෂ හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් කිහිපයකින් පසුව ප්‍රංශ ගුයිනා හි යුරෝපා අභ්‍යවකාශ තොටුපළේ සිට Ariane 5 රොකට්ටුවක් මගින් දුරේක්ෂය අභ්‍යවකාශගත කිරීම සිදුවිය.

නාසා ආයතනයට අනුව, ජේම්ස් වෙබ් මෙහෙයුම මගින් සෞරග්‍රහ මණ්ඩලයේ සිට මුල් විශ්වයේ වඩාත්ම දුරස්ථ නිරීක්ෂණය කළ හැකි මන්දාකිණි දක්වා විශ්ව ඉතිහාසයේ සෑම අදියරක්ම ගවේෂණය කරනු ඇත.

දිගු, අවදානම් ගමනක්

ඩොලර් බිලියන 10ක මෙම දැවැන්ත දුරේක්ෂය සිය ගමනාන්තය දෙසට සැතපුම් මිලියනයක් (කිලෝමීටර් මිලියන 1.6 ක්) දුර ගමන් කළ යුතු වෙයි. එහි යාමට මාසයක් ගත වන අතර එහි ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමට සූදානම් වීමට තවත් මාස පහක් පමණ ගතවනු ඇත.

සමස්තයක් ලෙස ගත්විට, දුරේක්ෂය සාර්ථක වීමට නම් මුදා හැරීමේ යාන්ත්‍රණ සිය ගණනක් පරිපූර්ණව ක්‍රියා කළ යුතු බව නාසා වැඩසටහන් අධ්‍යක්ෂ ග්‍රෙග් රොබින්සන් පැවසීය.

හබල්ගේ අනුප්‍රාප්තිකයා

වයස්ගත හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයෙකු ලෙස අදහස් කරන ලද, දිගු කාලයක් ප්‍රමාද වූ ජේම්ස් වෙබ් 1960 ගණන්වල නාසා හි පරිපාලකගේ නමින් මෙසේ නිම විය. 1990 ගණන්වල සිට රටවල් 29 ක දහස් ගණනක් මිනිසුන් එහි වැඩ කරමින් ටොන් 7 ක නව දුරේක්ෂය තැනීම සහ දියත් කිරීම සඳහා නාසා යුරෝපීය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සි සමඟ හවුල් විය.

මෙම ජේම්ස් වෙබ්, හබල්ට වඩා 100 ගුණයක් පමණ සංවේදී වන අතර, විශ්වය සහ එහි අපගේ ස්ථානය පිළිබඳ විද්‍යාඥයින්ගේ අවබෝධය පරිවර්තනය කිරීමට අපේක්ෂා කෙරේ.

'කාල යන්ත්‍රයක්'

නාසා පරිපාලක බිල් නීල්සන් පවසන්නේ, ජේම්ස් වෙබ් දුර්කේෂය යනු කාල යන්ත්‍රයක් ලෙසිනි. "එය අපේ විශ්වය සහ එහි අපගේ ස්ථානය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා දෙනු ඇති. අප කවුරුන්ද, අප යනු කුමක්ද, සදාකාලික සෙවුම් ගැන අවබෝධයක් ලබාදේවි. අපි කිසිදා නොසිතූ ඇදහිය නොහැකි දෙවල් සොයා ගැනීම ආරම්භ කරාවි". ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles