ලොව විශාලතම ද්විත්ව එන්ජින් සහිත යානය වන 777X යානයේ ප්‍රථම පරීක්ෂණ ගුවන් ගමන බෝයිං සමාගම විසින් සාර්ථකව නිමා කර තිබේ.
පසුගිය වසරේදී 737මැක්ස් යානාවල සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ සමග එම බෝයිං යානා සියල්ල උඩු ගුවනින් ඉවත් කරන ලදී.
එම අවාසනාවන්ත තත්ත්වයෙන් පසුව බෝයිං සමාගමේ ප්‍රතිරූපය නැවත ඉහළ නංවා ගැනීමට මෙම අවස්ථාව උපයෝගී කර ගැනීමට ඔවුන් උත්සාහ දරයි.
මෙම නව ගුවන් යානය සියැටල් සිට පැය හතරක ගමන් වාරයක් සනිටුවන් කළ අතර, පැවති අධික සුළං හේතුවෙන් මේ සතියේ උත්සාහයන් දෙකක් අත්හිටුවීමටද සිදුවිණි.
ලබන වසරේදී එමිරේට්ස් ගුවන් සේවය සමග මෙම යානා එක්වන බැවින් මෙහි පරීක්ෂණ ගුවන් වාර වැඩි වශයෙන් සිදුකිරීමට නියමිතය.
අඩි 252ක් දිග මගී ගුවන් යානය මේ වසරේ දියත් කිරීමට නියමිතව තිබූ නමුත් ඇතැම් තාක්ෂණික දුෂ්කරතා හේතුවෙන් එය ප්‍රමාද වී ඇත.
777X යනු බෝයිං හි සාර්ථක 777 මිනි ජම්බෝවල විශාල හා කාර්යක්ෂම අනුවාදයකි. කැපී පෙනෙන ලක්ෂණ අතරට නැමිය හැකි පියාපත් සහ ලොව විශාලතම වාණිජ එන්ජින් ඊට ඇතුළත් වේ.
"එය සමාගමක් ලෙස අපට කළ හැකි විශිෂ්ට දේ නියෝජනය කරයි" යනුවෙන් 777X අලෙවිකරණ අධ්‍යක්ෂ වෙන්ඩි සෝවර්ස් පැවසීය.
බෝයිං සමාගම පවසන්නේ මෙම මාදිලයේ යාන 309ක් දැනටමත් පෙර ඇණවුම් මත විකුණා ඇති බවයි. එහි වටිනාකම ඩොලර් මිලියන 442කට වඩා වැඩිය.
ගුවන් යානය මගීන් 360කට අසුන්ගත හැකි එයාර් බස් ඒ 350-1000 යානය සමඟ කරට කර තරගයක යෙදෙයි.