මිනීමරුම් රැසකට සම්බන්ධ කොලොම්බියානු මත්ද්‍රව්‍ය රජු සහ දාමරිකයෙකු ලෙස ලෝක ප්රකටව සිටි ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නොහොත් 'ඔටෝනියෙල්' මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ නඩු විභාගයට මුහුණදීම සඳහා ඇමෙරිකාවට පිටුවහල් කරන ලද්දේ, ඔහුට ගොදුරුවූවන්ගේද විරෝධතා මධ්‍යයේය.
"ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා හෙවත් 'ඔටෝනියෙල්' පිටුවහල් කළ බව මට වාර්තා කිරීමට අවශ්‍යයි. ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පමණක් නොවෙයි, සමාජ නායකයින් සහ පොලිස් නිලධාරීන් ඝාතනය කරන්නා, ළමයින්ට සහ නව යොවුන් වියේ දැරියන් අපයෝජනයට ලක් කරන්නා අද නීතියේ ආධිපත්‍යයට නතුවීම, මහජන බලය සහ යුක්තියේ ජයග්‍රහණයක් බව කිව යුතුයි" කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩුක් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඔටෝනියෙල්ගේ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් ජනාධිපතිවරයා සමග එකඟ නොවේ. පිටුවහල් කිරීමට පෙර, ඔවුන් කොලොම්බියානු අධිකරණයක මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නඩු විභාගයට ලක්කළ යුතු බව පැවසූ ඔවුන්, මේ ලෝකප්‍රකට අපරාධකරුට රට තුළම දඬුවම් ඉල්ලා සිටියහ.