ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන් සංඛ්‍යාව ලක්ෂ 94 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (25දා) අලුයම වනවිට එම අගය පැවතුණේ 9,405,071ක් වශයෙනි.
එමෙන්ම ගෝලීයව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සඛ්‍යාවව 482,000 ඉක්මවා ගොස් ඇති.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට එම අගය දැක්වෙන්නේ 482,105ක් වශයෙනි.
කෙසේ වෙතත් ලොව පුරා වෛරසය ආසාදිතව මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති පිරිස 4,721,557ක් බව එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.