ලොව පුරා ලක්ෂ 48කට කොවිඩ්-19 ආසාදනය වෙලා


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 48ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (19දා) අලුයම වාර්තා කළේය.

එම දත්තවලට අනුව ආසාදිත අගය දැක්වුණේ 4,798,594ක් ලෙසිනි. එමෙන්ම ගෝලීයව වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 318,303ක් ලෙස වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිසද 1,784,653ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles