ලොව පුරා මිලියන 200කට අධික එන්නත් ලබා දීලාලු


කොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත් ලබාදීමේ වැඩසටහන් යටතෙ මේ වනවිට මිලියන 200කට වඩා එන්නත් ලබාදී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව අවම වශයෙන් රටවල් හෝ කලාප 107ක කොරෝනා වෛරස ආරක්ෂණ එන්නත් මාත්‍රා ලබාදීම සිදුකර ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

කෙසේ වෙතත් මෙසේ ලොව පුරා දැනට ලබාදී ඇති එන්නත් මාත්‍රාවන්ගෙන් 45%ක් පමණ G7 රටවල් හෙවත් ලොව සංවර්ධිත රාජ්‍යයන්හි වෙසෙන ජනතාවට ලබාදී ඇති බවද පැවසෙයි.



Recommended Articles