ලොව පුරා මරණ 416,000ක් කොවිඩ් ආසාදිත ලක්ෂ 73.5ක්


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 416,000ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය අද (11දා) අලුයම දැක්වුණේ 416,040ක් වශයෙනි.

එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිසද ලක්ෂ ලක්ෂ හැත්තෑ තුනහ මාරක් ඉක්මවා ගොස් තිබේ. එම අගය අද අලුයම දැක්වුණේ 7,356,337ක් වශයෙනි.

මේ අතර වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 34 සීමාව පසුකර ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය අද අලුයම දැක්වුණේ 3,451,521ක් වශයෙනි.



Recommended Articles