ලොව පුරා කොවිඩි මරණ 400,000 සීමාවට ආසන්නයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 4ක සීමාවට ආසන්න වී තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (7දා) අලුයම එම අගය දක්වා සිටියේ 398,211ක් ලෙසිනි.

එසේම ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 68.5ක් ඉක්මවා ඇති අතර, එම අගය අද අලුයම දැක්වුණේ 6,855,858ක් ලෙසිනි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා ගොස් තිබේ. එම අගය අද අලුයම දැක්වුණේ 3,071,142ක් ලෙසිනි.



Recommended Articles