ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5ක සීමාව කරා වේගයෙන් ළඟා වෙමින් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (28දා) අලුයම වනවිට ලොව පුරා සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වූයේ 498,100ක් ලෙසිනි.
එමෙන්ම ගෝලීයව වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් අගය එම දත්ත වාර්තා අනුව අද (28දා) අලුයම වාර්තා වී තිබුණේ 9,949,767ක් ලෙසිනි.
එසේම වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 5,013,530ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත් ආසාදිතයන් මිලියන 10 සීමාවට පැමිණ ඇති කොවිඩ්-19 සටන ජයගැනීමට සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම හා අත් සේදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු බවට පත්විය යුතු බව ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.