ලොව පුරා කොවිඩ් මරණ 554,200ක් ඉක්මවා ගිහින්


ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 554,203ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (10දා) උදෑසන පවසයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූවන් 12,229,127ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලක්ෂ 67කට වැඩි ආසාදිතයන් පිරිසක් දැනට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

වෛරසය ව්‍යාප්තියේදී ඇමෙරිකානු කලාපය (ඇමෙරිකා එක්සත් ජනපදය හා ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්) මෙන්ම දකුණු ආසියාවේ ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවලද ව්‍යාප්තියේ වේගයක් දැකිය හැකි අතර, දකුණු අප්‍රිකාව සහ ඇතැම් මැදපෙරදිග රාජ්‍යයන්වලද තත්ත්වය ක්‍රමයෙන් අවදානම් අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles