ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 515,504ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (02දා) අලුයම වාර්තා කරයි.
එමෙන්ම මේ වනවිට ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එම මධ්‍යස්ථානය වාර්තා කරන්නේ 10,662,993ක් වශයෙනි.
මේ අතර, වෛරසය ආසාදිතව සිට දැන් සම්පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 5,451,309ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.