ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 505,000 සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (30දා) අලුයම එම අගය දැක්වුණේ මරණ 504,843ක් වශයෙනි.
එමෙන්ම ගෝලීයව වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 10,275,000 සීමාව වෙත ළඟා වෙමින් තිබේ.
එය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (30දා) අලුයම වාර්තා කර තිබුණේ 10,274,274ක් වශයෙනි.
මේ අතර, වෛරසය ආසාදිතව මේ වනවිට ලොව පුරා සුවය ලබා ඇති පිරිස 5,215,575ක් ලෙස එම දත්තවල වැඩිදුරටත් සටහන්ව තිබේ.
වෛරසයේ දෙවැනි රැල්ලක් මෙන්ම නව පොකුරු සම්බන්ධනේ රටවල් කිහිපයකින්ම වාර්තා වන අතර, ඇමෙරිකානු කලාපය සහ දකුණු ආසියාවේ ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ තත්ත්වය අවදානම් බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.