ලොව පුරා කොවිඩ් මරණ 475,000 සීමාව පසු කරලා


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 475,000 සීමාව පසුකර ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (24දා) උදෑසන වනවිට එම අගය දැක්වුණේ 476,911ක් වශයෙනි.

එසේම ගෝලීය කොවිඩ්-19 ආසාදිත අගයද 9,235,000 සීමාව ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙන අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (24දා) උදෑසන එම අගය දැක්වුණේ 9,237,640ක් වශයෙනි.

එසේම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ ගෝලිය අගයද 4,613,425ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසා සිටියි.

විශේෂයෙන්ම මේ වනවිට ඇමෙරිකානු කලාපයේ (උතුරු ඇමෙරිකාවේ සහ ලතින් ඇමෙරිකානු රටවල) මෙන්ම දකුණු ආසියාවේ (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය) සහ අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල වෛරසය පැතිරීම වේගවත් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම තවත් සෞඛ්‍ය විශේෂඥයන් රැසක් අනතුරු අඟවා තිබේ.



Recommended Articles