ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව ලක්ෂ 81.5ක අගය ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (17දා) අලුයම එම අගය දැක්වුණේ 8,152,885ක් වශයෙනි.
එසේම ගෝලීය වශයෙන් කොවිඩ්-19 මරණ 441,407ක් මේ වනවිට වාර්තා වන බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මරණවලින් වැඩිම ප්‍රතිශතය ඇමෙරිකා එක්සත් ජනපදයෙන්, බ්‍රසීලයෙන්, එක්සත් රාජධානියෙන් සහ ඉතාලියෙන් වාර්තා වෙයි.
වෛරසය ආසාදිතව මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පිරිස ලක්ෂ 40කට ආසන්න අතර, එම අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (17දා) අලුයම දක්වා තිබුණේ 3,942,312ක් වශයෙනි.